මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ දිනයේ දී කොල්ලුපිටියේ පිහිටි කාර්යාලයට පැමිණිය ද පොලිසිය විසින් දොර සීල් කර තිබීම හේතුවෙන් දොර ඇර ගැනීමට ක්‍රමයක් නැතිව ආපසු හැරී ගොස් ඇති බව වාර්තා වේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදෙස්ගතව සිටි අතර, එම කාලයේ දී අධිකරණ නියෝගයකට අනුව ඔහුගේ කාර්යාලයට පොලිසිය විසින් සීල් තබන ලදී.
ඔහු නැවත පැමිණ පසු කාර්යාලය විවෘත කරන බව පැවසූවත් පොලිසිය ඊයේ දිනයේ දී එකී කාර්යාලය විවෘත කිරීමට කටයුතු කර නොතිබුනි.
සිය කාර්යාලය විවෘත කර දෙන ලෙස ජනක රත්නායක මහතා ලිඛිතව පොලිසියෙන් ඉල්ලා ඇති බව පැවසේ. පොලිසිය ඔහුට දැනුම් දී ඇත්තේ කාර්යාලය විවෘත කර දීම සදහා එවීමට පොලිස් නිළධාරීන් පොලිස් ස්ථානයේ නොමැති බවයි.
කෙසේ වෙතත් ජනක රත්නායක මහතා විදෙස්ගතව සිටියදී ්‍රඔහුගේ කාර්යාලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පැමිණ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.