Home ව්‍යාපාරික පුවත් ක්ෂේත්‍ර කිහිපයක ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවස්ථා රැසක් !

ක්ෂේත්‍ර කිහිපයක ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවස්ථා රැසක් !

by Free News
0 comment

ලංකාවේ සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන්හට දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙ⁣⁣ළෙඳපොළට සෘජුව පිවිසිය හැකියාව පවතියි. මේ සඳහා තමන්ගේ අපනයන තැරැව්කරුවෙකු නොමැතිව අලෙවි කිරීමට හැකියාව ඇත.

තැඹිලි, මඤ්ඤොක්කා, ගස්ලබු, අලිගැටපේර, අඹ පමණක් නොව එළවළු වර්ග සඳහා ද මෙම අවස්ථාව පවතියි.

වගාකරුවන්ට ඇති විශාලම ගැටලුවවන අස්වැන්නට නිසි මිලක් නොමැති වීමට හොඳ විසඳුමක් ලෙස මෙම අපනයන වෙ⁣ළෙඳපොළ පෙන්වා දිය හැක.

අන්නාසි, කොමඩු, අඹ, නාරං,වරකා වැනි පළතුරු වර්ග Dehydrate ක්‍රමයට සකසා ඇසුරුම් කර අගය එකතු කර අපනයනය කිරීම මඟින් විශාල ආදායමක් ලැබිය හැකි වේ.

කුරුඳු, වැනිලා, කිතුල් පැණි සඳහා විශාල ඉල්ලුමක් ඇති බැවින් ඉතා පහසුවෙන් අලෙවි කිරීමට හැකියාව පවතියි.

අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමෙන් විශාල ලාභයක් ලැබිය නොහැකි නමුත් පාරිභෝගික සිත් ඇද ගන්නා අයුරින් ඇසුරුම් කර ඒ සඳහා අගය එකතු කළ වේ.

විවිධ වර්ගයේ කෑම පිසීමට ගන්නා තෙල් වර්ග තිබුණද අගය එකතු කළ පොල් තෙල් සඳහා ඇත්තේ ඉතා සුවිශේෂ තැනකි.

විසිතුරු මසුන් අලෙවි කරන්නන්ටද ඩුබායි හි හොඳ වෙ⁣⁣ළෙඳපොළක් පවතියි.

කොහුබත් කැට වශයෙන් හා කොහුබත් වශයෙන් මෙන්ම මල් බඳුන් වශයෙන්ද අපනයනය කිරීමට හැකියාව පවතියි. ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇති අතර එය අතිශය ලාභදායී ව්‍යාපාරයකි.

තම අපනයනය අමුද්‍රව්‍ය ලෙස යැවීම වෙනුවට ඒසඳහා අගය එකතු කිරීමක් සිදුකර නිෂ්පාදනයක් ලෙස යැවීමෙන් හොඳ වටිනාකමක් ලබාගැනීමට හැකියාව පවතින බැවින් ලාංකික වගාකරුවන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ සඳහා යොමුකළ යුතු වේ.

හෝටල්, අවන්හල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති භාණ්ඩ අලෙවි කිරීමේ පහසුකම් සැපයීම මෙන්ම නිසි වෙළෙඳපොළ සොයා දීමේ හැකියාවද පවතින බව HNC SHIPPING LLC සභාපති දේශබන්ධු ප්‍රදීප් නානායක්කාර මහතා කියා සිටියි.

අපේ ව්‍යාපාර ලංකාවට පමණක් කොටු නොවිය යුතු අතර ලෝකයත් සමඟ ගනුදෙනු කරන ව්‍යාපාර මොඩලයක් බවට වෙනස් කළ යුතුය. ඒ සඳහා අප ලොකු පිම්මක් ගෙන ඉදිරියට යා යුතුව ඇති බැවින් ඒ සඳහා ඉක්මන් නොවුනොත් අනිත් රටවල තරගකරුවන් මෙම වෙළෙඳපොළ ඉතා ඉක්මණින් ඔවුන්ගේ අතට ගනු ඇති බව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital