ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රේග් බාක්ලි මහතා වෙත දැනුම් දීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධින විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරයවේ. එය ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස තමාද අනුමත කරන බවත්, එම ස්ථාවරයේ තමන් ද සිටින බව අමාත්‍යවරයා ලිපියෙහි සඳහන් කර ඇත. ක්‍රිකට් පමණක් නොව ලියාපදිංචි සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ස්වාධීන විය යුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇගිලි ගැනීමක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්හි කාර්යභාරයන් නිසි ප්‍රමිතීන් හා සම්මතයන් අනුව පවත්වාගෙන යා යුතුයි. පළමුව රටේ නීතියට අනුගතව ජාත්‍යන්තර සම්මේලනයන්හි නීති හා නියාමනයන්ට ද යටත්ව ඔවුන් කටයුතු කළ යුතු බවත්, තම සම්මේලනයේ සේවාවන් උසස් තත්ත්වයෙන් හා පැහැදිලි අරමුණුවලට අනුකූලව පාරිදෘෂ්‍ය භාවයකින් යුතුව පවත්වාගෙන යාම මගින් රටේ ක්‍රීඩාව ඉතා ගුණාත්මක ව ඉදිරියට ගෙන යා හැකි බව අමාත්‍යවරයා එම ලිපියෙහි සඳහන් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශය සම්මේලනයන්හි කටයුතු සඳහා දායක වන්නේ තහනම් උත්තේජක නීති සහ දූෂණ විරෝධී නීති ඇතුළුව ක්‍රීඩා පනතෙහි සඳහන් රටේ පවතිනවිශේෂ ක්‍රීඩා නීතිවලට අනුව පමණක් බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමාසෑම විටම ක්‍රීඩාවේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගෙන යන අතර, සියලුම ක්‍රීඩා සම්මේලන වෙත ඔවුන්ගේ රාජකාරි කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිඛිතව විශේෂ උපදෙස් ලබා දීමට නීතිමය බලයක් ඇති බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මේ වන විට පුවතක් ලෙස පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇගිලි ගැනීම් ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් අතර නිළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් නොපමාව මේ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වේ.