Home දේශීය පුවත් ක්‍රිකට් සභාපතිගෙන් ලියාපදිංචිය සම්බන්ධව පෙත්සමක්

ක්‍රිකට් සභාපතිගෙන් ලියාපදිංචිය සම්බන්ධව පෙත්සමක්

by Free News
0 comment

පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (20) අභියාචනාධිරණයට දැනුම් දී තිබුණි.

අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැනුම්දීම සිදුකර ඇත.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ (19) දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බව පැවසීය.

එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම්දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවය.

එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital