ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් 2023 වසර සඳහා ජාතික කාන්තා ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇත.
ඒ අනුව සීමිත පන්දුවාර ක්‍රිකට් ආකෘති දෙකම සඳහා එක් ක්‍රීඩිකාවකට, එක් තරගයකට අමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා මුදලක් ලබාදීමට නියමිතයි.
මීට අමතරව සංචිතයේ සිටින සෑම ක්‍රීඩිකාවකටම තරග ගාස්තුවෙන් 25% බැගින් හිමිවන බවද සඳහන් වෙයි
තවද ද්විපාර්ශ්වික හෝ ජාත්‍යන්තර තරඟාවලියකදී කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන සෑම තරගයක් සඳහාම, සෑම ක්‍රීඩිකාවකටම අමරිකානු ඩොලර් 250 ක ජයග්‍රාහී ප්‍රසාද දීමනාවක් ලැබෙයි.