Home දේශීය පුවත් කතරගම පුදබිමේ වඳුරු කූඩුව කවුද ඇරලා

කතරගම පුදබිමේ වඳුරු කූඩුව කවුද ඇරලා

by Free News
0 comment

වන ජිවි නිළධාරින් විසින් ඉතා වෙහෙසක් දරා කතරගම පුදබිමේ ආරක්ෂාකාරිව ඇල්ලු වදුරන් සහ රිලවුන් සිටි කුඩුව රාත්‍රි කාලයේ දි කිසියම් පුද්ගලයකු විසින් විවෘත කර ඇල්ලු වදුරන් මුදාහැර තිබේ.

කතරගම වනජිවි අඩවි ආරක්ෂක කාර්යාල මගින් මේ දිනවල කතරගම පුදබිම තුළ සහ ජනයාගේ බව බෝග ඇතුළු වගාවන් විනාශ කරමින් සැරිසරන මෙම වදුරන් සහ රිලවුන් ඇල්ලිම මේ දිනවල වන ජිවි නිළධාරින් විසින් සිදු කරමින් පසුවෙති.

කතරගම වනජිවි අඩවි ආරක්ෂක එච්.වසන්ත මහතා සදහන් කළේ මේ වන විට වදුරන් සහ රිලවුන් 1256ක් පමණ ඉතා ආරක්ෂාකාරිව අල්ලා යාල අංක 2 කළපයේ වදුරන් සහ රිලවුන් හට වන ආහාර පළවැල ඇති ප්‍රදේශයක් වෙත මුදාහැරීම ට ක්‍රියා කරන බවයි.කතරගම දිසා රෝහලේ රෝගීන් සතු ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් වදුරන් කාමර වෙත පැන උදුරා ගැනිම ද සිදුවේ.වන ජිවි නිළධාරින් ඉතා වෙහෙසක් දරා ඇල්ලු වදුරන් සිටි කුඩුවේ රිලවුන් සහ වදුරන් 50ක් පමණ සිට තිබේ.මෙම කුඩුව අරින ලද පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය දැණුවත් කිරිමට බස්නායක නිළමේ කාර්යාල ක්‍රියා කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital