ඔස්කාර් සම්මානලාභී ඉරාන නිළි Taraneh Alidoosti අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අසත්‍ය සහ විකෘති අන්තර්ගතයන් සමාජ මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාවටයි.
ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ 2016 ඔස්කාර් සම්මානලාභී “The Salesman” හොඳම විදේශ භාෂා චිත්‍රපටයේ රංගනයෙන්.
ඇය Crystal Simorgh, ඉරාන සිනමා සැමරුම් සම්මානය සහ ඉරානයේ චිත්‍රපට විචාරක සහ ලේඛක සංගමයේ සම්මානය ඇතුළු විවිධ ඇගයීම්වලට ලක්වුණා.
එමෙන්ම, පසුගියදා පැවති කෑන්ස් සිනමා උළෙලේ තිරගත වූ “Leila’s Brothers” චිත්‍රපටයේ රඟපා තිබෙනවා.
කුර්දි සම්භවයක් සහිත ඉරාන ජාතික 22 හැවිරිදි Mahsa Amini පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා ඉරාන ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය යාමත් සමඟ ඊට එරෙහිව ඉරානයේ විරෝධතා ආරම්භ වුණා.
Mahsa Amini ගේ මරණය වූ දින, ඡායාරූපයක් සහිතව මෙම වහල්භාවය සාපයක් යන පාඨය Taraneh Alidoosti සමාජ මාධ්‍යයේ සටහන් කළා.
එමෙන්ම, පසුගිය නොවැම්බර් 9 වෙනිදා විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය වන “කාන්තාව, ජීවිතය, නිදහස” යන වචන සහිත පෝස්ටරයක් අතැතිව, හිස් ආවරණයක් නොමැතිව ඇය සමාජ මාධ්‍යයේ පෙනී සිටියා.
පසුගිය දෙසැම්බර් 8 වෙනිදා 23 හැවිරිදි Mohsen Shekari හිජාබ් එරෙහි විරෝධතා හේතුවෙන් ඉරානයේ දී ඝාතනය වූ පළමු තරුණිය යි.
ඔබේ නිශ්ශබ්දතාවයෙන් අදහස් වන්නේ, පීඩිතයාගේ සහ පීඩකයාගේ සහයෝගය බවත්, මෙම ලේ වැගිරීම් දෙස බලා සිටින සහ ක්‍රියාමාර්ග නොගන්නා සෑම ජාත්‍යන්තර සංවිධානයක්ම මනුෂ්‍යත්වයට නිගාවක් බවත්, එම මරණය පිළිබඳව Taraneh Alidoosti සමාජ මාධ්‍යයේ සටහන් කළා.
මේ අතර, ඉරානය දෙසැම්බර් 12 වෙනිදා විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට ගත් 23 හැවිරිදි Majidreza Rahnavard ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම සහ තවත් තවත් 9 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
විරෝධතාවයට සම්බන්ධ වූ තවත් 400 දෙනෙකුට පමණ වසර 10 ක් දක්වා සිරදඬුවම් නියම කළා.