එප්පාවල ප්‍රදේශයේ දරුවකු රැගෙන ගොස් රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටීමේ සිද්ධියේ සැකකරුට හා නවාතැන්දුන් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළා.
වයස අවුරුදු 09 ක් වන මෙම දරුවා දෙමාපියන්ගෙන් අපහරණය කර රැගෙන ගියේ පසුගිය 24 වනදායි.
රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක එම දරුවා සගවාගෙන සිටියදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.
දරුවා රැගෙන ගොස් ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ විදුලි කාර්මික ආයතනයක් පවත්වාගෙන යන විදුලි කාර්මික ශිල්පියෙකුයි. ඔහු දරුවා රවටාගෙන පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරුණා.
දරුවා පැහැරගත් දිනයේ රාත්‍රී නාවුල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසක නැවතී සිට ඇති අතර මෙම පුද්ගලයා පසුදින අලුයම දරුවාද රැගෙන නාවුල නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.