වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් සිය දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්තානය වෙත මාරු කර තිබෙනවා.
පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් එම් වයි සෙනෙවිරත්න පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච් සී ඒ පුෂ්පකුමාර පුත්තලම කොට්ඨාස පොලිස් අධිකාරී එච් එම් සී පී හේරත්යන මහත්වරුන් පොලිස් ක්ෂේත්‍ර බළකා පුහුණු මධ්‍යස්තානයට මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් පී ජී එන් ආර් බණ්ඩාර මහතාද පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.