Home දේශීය පුවත් උසස් පෙළ විභාගය ජනවාරි 23 ඇරඹේ – ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි මාසයේ දී

උසස් පෙළ විභාගය ජනවාරි 23 ඇරඹේ – ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි මාසයේ දී

by Free News
0 comment

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද (29) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, මධ්‍යස්ථාන 42 ක ඇගයීම් කටයුතු සිදුකරන බවයි.

නිලධාරීන් 6,020 දෙනෙකු ඇගයීම් කටයුතු සඳහා යොදවා තිබෙන අතර විභාග ප්‍රතිඵල පෙබරවාරි මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය දෙසැම්බර් 18 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, විභාග මධ්‍යස්ථාන 2894කදී ය.

ඒ සඳහා සිසුන් තුන් ලක්ෂ 34,698ක් පෙනී සිටියහ.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital