Home දේශීය පුවත් උසස් පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ !

උසස් පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ !

by Free News
0 comment

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව විභාගයට අදාළ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

මෙම නියමයන් කඩ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911, 0112 785212 හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා දන්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

උසස් පෙළ විභාගය මෙම මස 23 වානිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital