Home දේශීය පුවත් උපාධිධාරිනියගේ මළ සිරුර නිවස අසල බෝක්කුව යටින් හමුවෙයි

උපාධිධාරිනියගේ මළ සිරුර නිවස අසල බෝක්කුව යටින් හමුවෙයි

by Free News
0 comment

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී විසි පස් හැවිරිදි උපාධිධාරිණියක් ඝාතනය කර සිරුර බෝක්කුවක් යට දමා තිබියදී ඊයේ (27) දහවල් ගම් වැසියන්ට හමුවී තිබේ.

රැකියා ස්ථානය සඳහා යාමට මෙම තරුණිය උදෑසන 6.30ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති බව මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ඇලපාත පොලිසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පී.ජී. සුවිනි දිනාදරී ජයසිංහ නැමැති තරුණියක බවට හඳුනාගෙන තිබේ.

මල සිරුර තිබී ඇත්තේ නිවසේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යටය. ජලයේ පාවෙමින් තිබූ මල සිරුරේ පාදය කඹරයෙකු සපා කා ඇති බව පොලිසිය කියයි. මෙම තරුණිය රැකියාවේ නිරතව සිටින්නේ රත්නපුර නගරයේ පිහිටි අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයකය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් වන ඇය උපාධිය ලබාගෙන අධ්‍යාපන කටයුතු නිමවා ඇත්තේ මෑතකදීය. පොලිසිය පවසන්නේ ඇය ඊයේ (27) උදැසන නිවසින් පිටවී කෙටි වේලාවක් තුළ ඇය මෙම අපරාධයට ගොදුරුවී ඇති බවය. ඇය පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇයට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ද වේ.

ඇගේ සිරුරේ පහරදීම් ලකුණු හෝ හැද සිටින ඇඳුම ඉරී යාමක් හෝ වෙනත් අතවරයක් සිදුවූ බව බැලූ බැල්මට පෙනෙන්නට නැති බව පොලිසිය කියයයි. එහෙත් ඇගේ මල සිරුර තිබුණු ආකාරයට අනුව පෙනී යන්නේ මෙය ඝාතනයක් බව යැයි පොලිසිය කියයි. එබවින් මෙම තරුණියගේ මරණය සිදුවී ඇති ආකාරය ගැන පැහැදිලි නිගමණයකට එලඹීමට සඳහා මල සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සිදුකිරීම සඳහා රත්නපුර මහා රෝහලට රැගෙන ගොස් තිබේ. අද දිනයේ පැවැත්වෙන පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෙම තරුණියගේ මරණය සිදුවී ඇති ආකාරය ගැන පැහැදිලි යමක් හෙළිවනු ඇති බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital