Home දේශීය පුවත් ඉහළ යන ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් අනාවරණයක් !

ඉහළ යන ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් අනාවරණයක් !

by Free News
0 comment

කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග පවසනවා.

එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු අපට සඳහන් කළේ එළඹෙන පස්වන ඉරිදා උදෑසන සිට හෝ එදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය සිදුවන බවයි.

ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙලෙස රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital