Home දේශීය පුවත් ඉසුරුමත් රටක් යළි තැනීමට බුද්ධ දේශනාව අනුව පෙළගැසෙමු – ජනපති

ඉසුරුමත් රටක් යළි තැනීමට බුද්ධ දේශනාව අනුව පෙළගැසෙමු – ජනපති

by Free News
0 comment

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස පින්බර වෙසක් දිනයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයකි. මේ දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්‍යයන් සිහිපත් කරන අතර මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්‍රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්‍යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය වේ. බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු වෙමු. ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි. අවිද්‍යාවේ අඳුර දුරු කර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මේ වෙසක් සැමරුම ආශීර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර, සියලු සත්ත්වයන් සතුටින් පසුවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංසනය කරමි.“

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital