පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය කිහිපය තුළ ඉස්ලාමාබාද් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවති.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට ඉදිරි පැය 24 තුළ දී ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
එහිදී ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට ද නියමිතව ඇති බව සදහන් වේ.
කෙසේවෙතත් තමා අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගිය දා පෙත්සමක් ගොනු කර තිබූ අතර එම තින්දුව ලබාදීම අධිකරණය විසින් කල් තබනු ලැබීය.