පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සජීවි හෝ පටිගත කරන ලද කිසිදු දේශපාලන කතාවක් හෝ මාධ්‍ය සාකච්ඡාවක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය පියවර ගෙන ඇතැයි එරට ප්‍රමුඛතම රූපවාහිනි නාලිකාවක් වන ඒආර් අයි නිවුස් පුවත් සේවය වාර්තා කළේය.
මේ පියවර ගෙන ඇත්තේ හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශ තුළින් රටේ සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන බව කියමින් සහ ඉන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ප්‍රකෝපකාරී හා පදනම් විරහිත චෝදනා එල්ලවීමෙන් ජනතාව අතර රාජ්‍ය නිලධාරින් කෙරෙහි වෛරයක් මතුවන බවට නිගමනය කරමිනි.
ඉම්රාන්ගේ ප්‍රකාශ තුළින් මෙවැනි සිදුවීම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එය මහජන සාමය බිඳ වැටීමට හා ජනතාව අතර නොසන්සුන් භාවය වැඩිවීමට බලපා ඇතැයි පාකිස්තානයේ මාධ්‍ය නියාමන අධිකාරිය සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතනයේ නිලධාරීන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා, ද්වේෂ සහගත ප්‍රකාශ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කිරීම පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තියට අනුව සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව තහනම් කිරීමට හැකියාව ඇතැයි එරට මාධ්‍ය නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.