Home විදේශීය පුවත් ඉම්රාන්ගේ හඬපටයක් එළියට – කාන්තාවක සමඟ පෙම් සංවාදයක් !

ඉම්රාන්ගේ හඬපටයක් එළියට – කාන්තාවක සමඟ පෙම් සංවාදයක් !

by Free News
0 comment

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවක් සමඟ සමීප සංවාදයක යෙදුණු බව කියන හඬපටයක් පිටවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.

පාකිස්තාන මාධ්‍යවේදී Syed Ali Haider සෙයිඩ් අලි හයිදර් විසින් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති මේ හඬ පටය, මහමැතිවරණයට මාස කිහිපයක් ඇති බැවින් මේ හඬපටයට දැඩි අවධානයක් යොමු වී ඇත. ඇතැමුන් කියන්නේ එම හඬපටය පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්ගේ කාර්යාලයෙන් පිටවන්නට ඇති බවකි.

එසේ වුවත් එය මේ වන විට එරට වැඩි කතාබහට ලක්වී ඇතැයි ද, ඒ සමඟම ඔහුගේ පැරැණි සෙල්ලක්කාර ජීවිතය පිළිබඳ මතකය ජනතාවගේ සිත්වල අවදි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අගභාගයේ එරට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කළ ඉම්රාන් ඛාන් නැවත බලයට පත්වීමේ උත්සාහයක යෙදී සිටින බැවින් මේ හඬපටය ඊට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පාකිස්තානයේ දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ඔහු තනතුරෙන් නෙරපා හරිනු ලැබුවේ දකුණු ආසියාවේ වඩාත්ම දූෂිත සහ ව්‍යාකූල දේශපාලන ක්ෂේත්‍රය ලෙස සැලකෙන පාකිස්තාන දේශපාලනය නැවත වරක් උඩුයටිකුරු කරමිනි. ඉම්රාන් පසුව කියා සිටියේ තමා තනතුරෙන් පහ කිරිමේ සහ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වූ බවය. හිටපු ක්‍රිකට් නායකයාට තනතුර අහිමි වූයේ . එරට කිසිදු අගමැතිවරයකුට වසර 75ක ඉතිහාසය පුරා සම්පූර්ණ ධුර කාලයේ රැඳී සිටීමට නොහැකි වූ අතර, පාකිස්තාන දේශපාලන ඉතිහාසය යළි පෙළ ගස්වමිනි.

ඔහුගේ විශ්වාසභංග යෝජනාවට මං විවර වූයේ මාස ගණනාවක් පුරා ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් රජය එරට ආර්ථිකය බින්දුවට ඇද දමා ජන ජීවිතය සහමුලින්ම විනාශ කර ඇතැයි ද, ඩොලර් මිලියන ගණනින් මුදල් වංචා සිදු කරන ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය මත උද්ධමනය ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ඉහළ ගොස් ඇතැයි ද චෝදනා රැසක් එල්ල වීමෙන් පසුවය. විචාරකයන් කී පරිදිම විපක්ෂයේ චෝදනා අතරතුර රජයේ අභ්‍යන්තර ගැටලු ද වර්ධනය වී තිබිණි. අගමැති ධුරය අහිමි වීමෙන් පසු නව අගමැතිවරයා ලෙස පත් වූ ශෙබාස් ෂරීෆ් සිය ප්‍රතිවාදී දේශපාලන නායකයාගේ ඉරණම තීන්දු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබූ අතර, අගමැති පදවියේ සිටියදී විදෙස් රටවලින් ලැබුණු ත්‍යාගයන් සිය සන්තකයේ තබා ගැනීම පිළිබඳ චෝදනා එල්ල කර තිබිණි.

වරින් වර එවැනි සිදුවීම්වලට මුහුණ පෑ ඉම්රාන් ඛාන්ගේ අලුත්ම සිදුවීම මේ හඬපටය වේ. ඔහුගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීකී ඉන්සාෆ් පක්ෂය එම හඬපටය ව්‍යාජ එකක් බවත්, ඉම්රාන්ගේ ප්‍රතිරූපය බිඳ දැමීමේ අරමුණින් සමාජ මාධ්‍යජාලයට මුදාහැර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉම්රාන්ගේ හඬ බව කියන එම හඬපටයට අදාළ කාන්තාව මුණ ගැසීමට ඔහු තුළ ඇති ආශාව සහ උත්සාහය කියා පෑමක් ඇතුළත් වන අතර, ඊට පෙර තම බිරිය හා දරුවන් නිවෙසට පැමිණෙන්නේදැයි තහවුරු කළ යුතුව ඇති බව සඳහන් වේ. තම පවුලේ සාමාජිකයන් නිවෙසට පැමිණීම ප්‍රමාද කිරීමට කටයුතු කරන බවටත් එම හඬපටයෙන් කියැවේ. කෙසේ වුවත් හඬපටයට ඇතුළත්ව ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ කටහඬ බවට මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු වී නැත. එසේ වුවද මේ හඬපටයෙන් ඔහු දැඩි කළබලයට පත්වීම හේතුවෙන් එවැනි සැකයක් ඇතිවී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital