Home ක්‍රීඩා පුවත් ඉන්ස්ටග්‍රෑම් වාර්තා අතරට ගිය මෙසීගේ පිංතූරය

ඉන්ස්ටග්‍රෑම් වාර්තා අතරට ගිය මෙසීගේ පිංතූරය

by Free News
0 comment

2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියනෝල් මෙසී ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ ඡායාරූපයක් මේ වන විට ලෝක වාර්තාවක් තබා තිබේ.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ,මෙසී පාපන්දු ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරයයි.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට මෙසීගේ මෙම ඡායාරූපය පත්වී ඇත. එය පළ කර ඇත්තේ පසුගිය 19 වැනිදාය.

මීට වසර 4 කට ආසන්න කාළයක් එම වාර්තාව හිමිකරගෙන සිටි ‘The egg’ (බිත්තරයේ) ඡායාරූපය දින දෙකක් තුළදී අබිබවමින් වීම විශේෂත්වයකි. මෙසී පසුගියදා (18) ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය මෙසීගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකොට තිබිණ.

මෙම ඡායාරූපයට ඊයේ මධ්‍යම රාත්‍රී වන විට ලැබී තිබූ ලයික් ප්‍රමාණය මිලියන 65 ඉක්මවා තිබිණ. මේ අතර මෙම ඡායාරූපය විසින් අබිබවූ මීට පෙර‌ වැඩිම ලයික් සංඛ්‍යාවක වාර්තාවේ ඡායාරූපය තනි බිත්තරයක ඡායාරූපයක් වීම විශේෂත්වයකි.

නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන සර්ජෙ ප්ලැටොනොව් විසින් 2015 වර්ෂයේදී අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ලද මෙම ඡායාරූපය, 2019 වර්ෂයේ ජනවාරි මසදී ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කොට තිබුනේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි‍‍‍.

එහිදී මෙම ඡායාරූපය ‘ලොව වැඩිම ලයික් සංඛ්‍යාවක් සහිත ඡායාරූපය කරමු’ ‌යන තේමාව යටතේ ප්‍රසිද්ධ කෙරුණු අතර එය දින කිහිපයක් තුළ ලොව වැඩිම ලයික් සහිත ඡායාරූපය බවට පත්විය. මේ වනවිට ඒම ඡායාරූපය සතු ලයික් ප්‍රමාණය මිලියන 57 කට අධිකය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital