ඉන්ධන බෙදා හැරීම අද දිනයේද සැළසුම් කළ පරිදි සිදු වනවා.
මුතුරාජවෙල හා කොලොන්නාව මධ්‍යස්ථානවලින් ඛණිජතෙල් බෙදාහැරීම සිදු වනවා.
එම ස්ථානවලින් ඉන්ධන පිරවූ බවුසර් රථ ඉන්ධන පිරවුම්හල්වෙත යොමු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
මේ අතර ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු වලට හා ඛනිජ තෙල් සංස්ථාවේ සේවයේ නිරතව සිටි කාර්ය මණ්ඩලයට බාධා කළ සේවකයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.