Home දේශීය පුවත් ඉන්ධන කෝටාව ගැන අවසන් තීරණය අද

ඉන්ධන කෝටාව ගැන අවසන් තීරණය අද

by Free News
0 comment

අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(17) පැවැත්වේ.

පසුගිය 4වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගත්තේය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ අමතරව ඉන්ධන අවශතාව සපුරාලීම වෙනුවෙන් සියලුම වාහන වලට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගැණුනි.

ඒ අනුව ත්‍රි රෝද රථ සදහා ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ නැංවුණි. ලීටර් 4ක් යතුරුපැදි සදහා මීට පෙර ලබාදුන් අතර ඉන්ධන කෝටාව ඉහළ නැංවීම අනුව එය ලීටර් 7 දක්වා ඉහළ නැංවුණි. එමෙන්ම බස් රථ සදහා ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර් රථ සදහා ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට බලශක්ති අමාත්‍යංශය පසුගිය සතියේ කටයුතු කළේය. එම ඉහළ නැංවීම අද දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබුණි.

එහෙත් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබද තීරණය කිරීමේ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital