Home ක්‍රීඩා පුවත් ඉන්දු – ශ්‍රී ලංකා පලමු එක්දින ක්‍රිකට් තරගය අද !

ඉන්දු – ශ්‍රී ලංකා පලමු එක්දින ක්‍රිකට් තරගය අද !

by Free News
0 comment

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පලමු එක්දින ක්‍රිකට් තරගය අද (ජනවාරි 10) ගුහාටි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැති 20/20 ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දියාව තරග 2- 1 ලෙස ජය වාර්තා කළා.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 162 ක්.
ඉන් තරග 93 ක් ඉන්දියාවත් තරඟ ක් 57 ශ්‍රී ලංකාවත් ජය ගත්තා.
තරඟ 10 ක් තීරණයකින් තොරව අවසන් වූ අතර , එක් තරගයක් අවසන් වුණේ ලකුණු සම වීමෙන්.
අද තරගය පැවැත්වෙන්න ගුහාටි ක්‍රීඩාංගණයේදී තවමත් පවත්වා ඇත්තේ එක්, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණයි. නමුත් ශ්‍රී ලංකාව තවමත් එහි ක්‍රීඩා කර නැහැ.
දෙරට අතර ඉන්දියාවේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 10 දහයක් පවත්වා තිබෙනවා.
ඉන් 9 ක් ඉන්දියාව ජය ගත් අතර අනෙක් තරගාවලිය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital