ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවාව ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලබාදුන් උපදෙස් අනුව මේ පිළිබඳ මූලික සාකච්ඡා මේ වන විට කොළඹදී ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පවත්වා තිබේ.
මෙම යාත්‍රා සේවාව පැරණි රාමායණයේ සිට මෙරටට පැමිණි මාර්ගය භාවිත කරන්නේද නැතහොත් සංඝමිත්තා තෙරණිය මෙරටට පැමිණි මාර්ගය භාවිත කරන්නේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි සදහන් වේ.