Home විදේශීය පුවත් ඉන්දීය නිළි ටූනීෂා ෂර්මා ගෙල වැලලා ගෙන මිය යයි

ඉන්දීය නිළි ටූනීෂා ෂර්මා ගෙල වැලලා ගෙන මිය යයි

by Free News
0 comment

ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී කතාමාලාවක රූගත කිරීම් අතරතුරදී ඉන්දීය නිළියක වන විසි හැවිරිදි ටූනීෂා ෂර්මා අද (25) සියදිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවන්ට අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයේ රූගතකිරීමක් අතර සිදුවූ මෙම සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇයගේ සම නළුවා වන ෂීසන් මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී තිබේ.

රංගන භූමියේ වැසිකිළිය වෙත ගොස් ඇති මෙම තරුණ නිලිය බොහෝ වෙලාවකින් නොපැමිණීම හේතුවෙන් දොර කඩා බලන විට ඇය එහි ගෙල වැල ලාගෙන සිටිනු දක්නට ලැබී ඇත.

ටූනීෂා ෂර්මා රෝහලට රැගෙන යනවිට මියගොස් ඇත. ටූනීෂා ෂර්මා සියදිවි නසාගැනීමකින් මිය ගිය බව දර්ශන තලයේ සිටි පිරිස පවසද්දී, පොලිසිය පවසා ඇත්තේ තමන් සියලු කෝණ විමර්ශනය කරමින් පරීක්ෂණ මෙහෙයවන බවය.

ටූනීෂා ෂර්මා සෝනි රූපවාහිනී වැඩසටහනක්වන ‘මහාරණ ප්‍රතාප්’ හි ළමා නිළියක ලෙස රංගනයට පිවිසි අතර එහිදී ඇය චාන්ද් කන්වර්ගේ චරිතය රඟපෑවාය.

එතැන් සිට, ඇය සංදර්ශන සහ බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට එක් වූවාය. ටුනීෂා ෂර්මා ඇයගේ මරණයට පැය කිහිපයකට පෙර දර්ශන තලයේ ඡායාරූප පෙළක් පල කර Instagram සටහනක් තබා තිබිණි. “තමන්ගේ ආශාවන් විසින් මෙහෙයවන පුද්ගලයෝ නතර නොවෙති“

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital