ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි මොදේරා ගම්මානය එරට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පළමු ගම්මානය බවට පත් වූ බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවේදනයකට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 9.7ක වියදමින් පුනර්ජනනීය බලශක්තියෙන් එම ගම්මානයේ පදිංචිකරුවන්ට විදුලි ආලෝකය ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් කියන පරිදි එය මනුෂ්‍ය වර්ගයා සහ ග්‍රහලෝක අතර සංහිඳියාවට කදිම පූර්වාදර්ශයක් වී ඇතැයි යුරෝ නිව්ස් පුවත් සේවය සඳහන් කළේය.
සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඉන්දීය මධ්‍යම රජය සහ ගුජරාට් ප්‍රාන්ත රජය අතර බෙදී ගොස් ඇති අතර, දෛනිකව විසිහතර පැය පුරා සූර්ය ශක්තියෙන් බල ගැන්වෙන ඉන්දියාවේ පළමු ගම්මානය බවට මොදේරා ගම්මානය ප්‍රකාශයට පත් කර ඇත.
නව ව්‍යාපෘතිය මගින් එම ගම්මානයේ පදිංචිකරුවන්ට සිය විදුලි බිල්පතෙන් 60% සිට 100% දක්වා ඉතිරියක් ද ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.