ඉන්දියාවේ හිටපු දේශපාලනඥයෙකු හා ඔහුගේ සහෝදරයා වෙඩි තබා ඝාතනය කර තිබේ.
පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් වරදකරුවකු බවට පත්වී සිටි ඉන්දියාවේ හිටපු දේශපාලනඥයකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සොහොයුරු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇත.
දැඩි පොලිස් ආරක්ෂාව යටතේ සිටි අතික් මාධ්‍යවේදීන් සමඟ කතා කරමින් සිටියදී ඔහුගේ හිසට රිවෝල්වරයක් තබා මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඒ මොහොතේ සජීවීව එය රූපවාහිනිය මගින් විකාශය වී තිබේ.
වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි ප්‍රහාරය සිදු කර ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු බවත්, පසුව ඔහු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අතික් අහමඩ්ගේ නව යොවුන් වියේ පසුවූ පුත්‍රයා ද මීට දින කිහිපයකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගියේය.