Home විදේශීය පුවත් ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදියා පාකිස්තානයේදී මරුට

ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදියා පාකිස්තානයේදී මරුට

by Free News
0 comment

ඉන්දියාවට අත්‍යවශ්‍ය ත්‍රස්තවාදී පරම්ජිත් සිං පන්ජ්වාර් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ලාහෝර් හි පිහිටි ඔහුගේ නිවස අසල දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Khalistan Commando Force යන ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානී වූ ඔහු, 2020 වසරේ දී නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ ඉන්දියාව ත්‍රස්තවාදියෙක් ලෙස නම් කළා.

පාකිස්තානයේ පන්ජාබ් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ ආරක්ෂකයා ද මිය ගිය බවයි.

Inter Service Intelligence(ISI), Military Intelligence (MI) සහ Counter Terrorism Department (CTD) ඇතුළු පකිස්තාන බුද්ධි අංශ අපරාධය සිදුවූ ප්‍රදේශය වටකර විමර්ශන ආරම්භ කළ අතර එම ස්ථානය වාර්තා කිරීමට මාධ්‍යට අවසර දී තිබුණේ නැහැ.

මියගිය පන්ජ්වාර් 1986 වසරේ දී ඉන්දියාවේදී Khalistan Commando Force (KCF) ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධ වී පසුව පාකිස්ථානයට පලා ගොස් තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ පැවසුවේ, 1995-96 කාලයේ දී පාකිස්ථානයට පලායාමට පෙර, ඔහු ඝාතන රැසකට සම්බන්ධ වී ඇති බවයි.

1986 වසරේ දී ආරම්භ වූ KCF ත්‍රස්ත සංවිධානය කප්පම් ගැනීම, බැංකු කොල්ලකෑම් සහ පැහැරගැනීම්වල නිරතවුණා.

එහි ආරම්භක ප්‍රධානියා වූයේ ඉන්දියාවේ පන්ජාබ් හි හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් වූ සුක්දේව් සිං හෙවත් සුඛා ෂාපායි ය.

1989 වසරේ දී, Hoshiarpur හි Tanda හි පොලිස් ගැටුමකදී Sukha Shapai මිය ගිය පසුව, Amritsar හි Sultanwind හි Kanwarjit Singh KCF හි ප්‍රධානියා බවට පත් වූ අතර මියගිය Paramjit Singh Panjwar එහි නියෝජ්‍ය ප්‍රධානියා බවට පත් කර තිබෙනවා.

පන්ජ්වාර් KCF හි ප්‍රධානියා බවට පත් වූයේ Kanwarjit Singh Sultanwind ගේ මරණයෙන් පසුව යි.

ඔහු පසුගිය වසර කිහිපය තුළ ලාහෝරයේ සිට ආයුධ සහ පතොරම් සැපයීමේ නිරතවෙමින්, ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු (FICN) මුද්‍රණය කරමින් පාකිස්තානයේ තරුණයින්ට ආයුධ පුහුණුව ලබාදී තිබෙනවා.

එමෙන්ම පන්ජ්වාර් පාකිස්තානයේ දේශද්‍රෝහී සහ බෙදුම්වාදී ගුවන්විදුලි වැඩසටහන් විකාශයට ද සම්බන්ධ වී ඇත්තේ, ඉන්දීය රජයට එරෙහිව සුළු ජාතීන් උසිගැන්වීමේ අරමුණින්.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රියාකාරී වූ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන් අතර ප්‍රධාන සම්බන්ධීකාරකයෙක්.

1988 වසරේ ඔක්තෝම්බර් මාසයේදී බෝම්බ ප්‍රහාරයක්, ෆිරොස්පූර්හිදී රායි සීක්වරුන් 10 දෙනෙක් ඝාතනය සහ මේජර් ජෙනරාල් බී.එන්. කුමාර් ඝාතනය ඇතුළු ඉන්දියාවේ විවිධ ත්‍රස්තවාදී ප්‍රහාරවලට ඔහු සම්බන්ධ වී තිබෙනවා.

හර්යානා, චන්දිගාර් සහ පන්ජාබ් හි IED පිපිරීම් ගණනාවක් පිටුපස ද පන්ජ්වාර් සිටි බව වාර්තා වුණා.

ඔහු පාකිස්ථානයේ ජාතික හැඳුනුම්පත ලබාගෙන තිබුණේ ගුල්සාර් සිං නමින්.

පුතුන් දෙදෙනෙක් සමඟ ජර්මනියේ නැවතී සිටි ඔහුගේ බිරිඳ පසුගිය වසරේ මිය ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, මෙම ඝාතනය ඉන්දියාවෙන් පිටත ත්‍රස්තවාදී නායකයන් ඉලක්ක කළ පළමු අවස්ථාව නොවන බව යි.

පසුගිය පෙබරවාරි මාසයේදී, හිස්බුල් මුජාහිදීන් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක් ලෙස හඳුන්වා ගත් බෂීර් අහමඩ් පීර්, පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී වෙඩි තබා ඝාතනය කළා.

එම මාසයේම, පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධානයක් වන අල් බද්ර් හි හිටපු නායක සයිඩ් කාලිඩ් රාසා කරච්චි හි පිහිටි ඔහුගේ නිවසින් පිටතදී එලෙසම ඝාතනය කර තිබුණා.

ඊට සම්බන්ධ වූ කාශ්මීරයේ උපන් ත්‍රස්තවාදී අයිජාස් අහමඩ් අහංගර් හෙවත් අබු උස්මාන් අල්-කාශ්මීරි ද IS ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේදී මරා දැමූ බව වාර්තා කළා

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital