ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කර ඇත.
“අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ආදරණීය මෑණියන්ගේ අභාවය පිළිබඳව දැඩි ශෝකයට පත්වෙනවා. ශෝකයෙන් පිරුණු මේ පැයේදී අගමැති මෝදි ඇතුළු පවුලේ අයට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරනවා.” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.