මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය යටතේ සිටින ඉංජිනේරුවන් දහසක් පමණ වරාය අධිකාරිය ඇතුළු ආයතනවලට වසර තුනක කාලයක් සඳහා අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.
පවතින අර්බුදකාරී වාතාවරණය මත රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ල අක්‍රීය වීම මීට හේතු වී ඇත. වැටුප් ලබාගත යුතු වන්නේ අනුයුක්ත කෙරෙන ආයතනයෙන් වන අතර එලෙස ලැබෙන වැටුප උපදේශක කාර්යාංශයෙන් ලද වැටුපට වඩා අඩු වන්නේ නම් එම අඩුවීම උපදේශක කාර්යාංශයෙන් සම්පූර්ණ කෙරේ.
ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක කමිටුවක නිර්දේශ මත ඉහත තීරණය ගෙන තිබෙන අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද අනුමැතිය ලැබී තිබේ. මුලින්ම වසර තුනක කාලයක් සඳහා අනුයුක්ත කෙරෙන අතර අවශ්‍ය වුවහොත් එම කාලය දීර්ඝ කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේය.
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයෙන් හැර පෞද්ගලික අංශයෙන් යොදවා නොගත යුතු බවට කැබිනට් තීරණයක්ද ගෙන තිබිණි.