භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහකතා මාර්තු 02-04 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙයි.
මෙම සමුළුව අතරතුර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට්: තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 2023 මාර්තු 03 වැනි දින පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්ත්වයට ද අමාත්‍යවරයා සහභාගී වේ.
අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.