පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (දෙසැ. 26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවූ බලපෑම අඩු වනු ඇතැයි බලාපොරොත්තු වනවා.
මේ හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි වනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකියි.
තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.