අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබේ.
ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස හෙට(02) සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කර ඇත.
වියළි මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1675කි.
එසේම ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 165කි.
මේ අතර රතු කැකුළු (දේශීය) කිලෝ එකක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169කි.
පාන් පිටි කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 230කි.