Home දේශපාලනය ආයෝජන ඩිජිටල්කරණයට සැරසෙන ජනපති රනිල්

ආයෝජන ඩිජිටල්කරණයට සැරසෙන ජනපති රනිල්

by Free News
0 comment

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශ්වයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා පෙන්වා එහිදී පෙන්වා දී ඇත්තේ.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජයේ ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමටත් කමිටුවක් පත් කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාල අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කම ද එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇති බව සඳහන්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital