Home දේශීය පුවත් ආනයනික බිත්තර සඳහා බදු අඩු කරයි

ආනයනික බිත්තර සඳහා බදු අඩු කරයි

by Free News
0 comment

පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 01දක්වා අඩු කර තිබේ.

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතය.

ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital