Home දේශීය පුවත් ආඩිඅම්බලම බිය වැද්දු “බලු මූණා” අත්අඩංගුවට

ආඩිඅම්බලම බිය වැද්දු “බලු මූණා” අත්අඩංගුවට

by Free News
0 comment

ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම් , පැහැරගැනීම් සිදු කළ ” බලු මූණා ” කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම, සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි .

මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින් මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් ප්‍රකාශකවරයෙකු පැවසීය .

මීට අමතරව හෙරොයින් පානය කිරීම පිළිබඳව 54 වගන්තිය යටතේ 06 වරක් මොහු අධිකරණය හමුවේ චෝදනාවට ලක් වී තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරු පැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උගස් තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත් අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ .

මොහු අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital