Home දේශීය පුවත් අවුරුදු ක්‍රීඩාවකට වෛද්‍යවරුන්ගේ විරෝධය

අවුරුදු ක්‍රීඩාවකට වෛද්‍යවරුන්ගේ විරෝධය

by Free News
0 comment

දෑත් පිටුපස බැඳ දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සවවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දන්ත වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ විසින් අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුවත් කිරීමක් සිදුකළා.

දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා හේතුවෙන් බිම ඇඳ වැටී ස්ථිර දත් කැඩී යෑමෙන් රෝහල්ගත වනා සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක ඇති බවයි ඇය කියා සිටින්නේ.

වෛද්‍යවරිය සඳහන් කරන්නේ ඊට අමතරව අනතුරකින් ස්ථිර දතක් ගැලවී ගියහොත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බවයි.

මෙවැනි අනතුරක් සිදුවුවහොත් කාමර උෂ්ණත්වයේ ඇති කිරි විදුරුවක, සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යෑම යම් තාක් දුරකට සාර්ථක ක්‍රමයක් වන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital