Home දේශීය පුවත් අලුතින් හූනන් විශේෂ දෙකක් සොයා ගැනේ !

අලුතින් හූනන් විශේෂ දෙකක් සොයා ගැනේ !

by Free News
0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ (වියළි කලාපයේ) පිහිටා තිබෙන ඇතාගල වනාන්තරය තුලින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ (අතරමැදි කලාපයේ) පිහිටා තිබෙන ගල්ගිරිය වනාන්තරය තුලින් අලුත් දිවාසැරි හූනන් දෙදෙනෙකු (Cnemaspis ඝනයට අයත්) අද (15) විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමට හැකිවී ඇත.

ඇතාගල වනාන්තරය තුළ දක්නට හැක්කේ ජයවීරගේ දිවාසැරි හූනා වන අතර, ගල්ගිරිය වනාන්තරය තුළ දක්නට හැක්කේ නානායක්කාරගේ දිවාසැරි හූනා වේ.

මෙම සතුන් දෙදෙනා ඉහත කී හුදකලාවූ කඳුකර වනාන්තර දෙකට පමණක් සීමාවී තිබෙන බව පුදුම දනවන කරුණකි.

වර්තමානය වනවිට මොවුන්ගේ ගහන ගණත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින්ද පැතිරීම සීමාසහිතවූ නිසාද දැඩිලෙස තර්ජනයට ලක්වූ විශේෂ දෙකක් බව පර්යේෂණය තුලින් හඳුනාගෙන ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital