Home දේශීය පුවත් අරගලයේ ප්‍රධාන නියමුවෙක් බෝඩිමේදී සියදිවි නසා ගනී

අරගලයේ ප්‍රධාන නියමුවෙක් බෝඩිමේදී සියදිවි නසා ගනී

by Free News
0 comment

අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කොට සියදිවි හානි කරගත් අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුරක් මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමකින් සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය මයිලව දුටුගැමුණු මාවතේ අංක 72 /1හි පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඉකුත් රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පලවා හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක ගෝල්ෆේස් අරගලය පෙරමුණේ සිටි

ක්‍රියාකරුවකු බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මොහු ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට පෙර පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා ලෙස පළමු වරට අරගලයේ ක්‍රියාකරුවන් ඇමතූ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

මොහු මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන පටුමඟ ප්‍රදේශයේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර පෙරේදා (18) මොහු සියදිවි හානි කරගෙන ඇති බවට 119 හරහා පොලිසියට ලද තොරතුරක් අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ඇඳ මත උඩුබැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමේදී විෂාදය නමැති රෝගයට පානය කරන අධිමාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කිරීමෙන් මරණය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත්කොට ඊයේ (19) සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර අරගලයේ අරමුණු මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කනස්සල්ලෙන් පසු වූ අයකු බවට සමාජ මාධ්‍ය හරහා මොහු කළ ප්‍රකාශ කිහිපයක් ප්‍රචාරය වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital