Home දේශීය පුවත් අයහපත් කාලගුණයෙන් ගුවන් කටයුතුවලට බාධා

අයහපත් කාලගුණයෙන් ගුවන් කටයුතුවලට බාධා

by Free News
0 comment

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ(04) රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

මෙයින් පළමු ගුවන් යානය වූයේ ඊයේ රාත්‍රී 10.25 කටුනායක ගුවන් තොටුපළ වෙත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන යානයයි.

මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු විය.

එම ගුවන් යානය ඒ අනුව ඊයේ රාත්‍රී 11.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

මීට අමතරව මාලදිවයින මාලේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 104 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 10.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අලුයම 12.02 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ අතර එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය, එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණි .

පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වීමත් සමඟ මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී අලුයම 01.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital