අමෙරිකාවට පැමිණෙන චීන සංචාරකයින් සදහා කොවිඩ් 19 පරීක්ෂණ අවශ්‍ය බව එරට සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.
එරටට ඇතුල් වීමටනම් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රතිඵල මගින් තහවුරු විය යුතුය.
ජනවාරි 05වැනිදා සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තිය චීනය, හොංකොං හා මැකාවෝ සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් සඳහා අදාළ වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
වසර 2කට වැඩි සියලුම පුද්ගලයින් සදහා මෙම කොවිඩ් 19 පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය වනවා.
චීන සංචාරකයින් අමෙරිකාව බලා පිටත් වීමට දින දෙකකට පෙර කොවිඩ් පරීක්ෂණ සිදු කළ යුතු බව අමෙරිකානු සෞඛ්‍ය පවසයි. ගුවන් ගමනකට දින 10කට පෙරකොවිඩ් පරීක්ෂණ අසාදනය තහවුරු වුන සංචාරකයන් හට නිරෝධායන සහ රෝගය සුවවීම පිළිබඳ වෛද්‍ය ලියකියවිලි සැපයීමෙන් පසුව අමෙරිකාවට ඇතුල් වීමට හැකියාවක් තිබේ.