Home විදේශීය පුවත් අමෙරිකාවේ බිත්තර මිල අහස උසට

අමෙරිකාවේ බිත්තර මිල අහස උසට

by Free News
0 comment

අමෙරිකාවේ බිත්තර සිල්ලර මිල සියයට 60කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2021 වසරේ නොවැම්බර් අමෙරිකානු ඩොලර් 1.72ක්ව තිබූ බිත්තර දුසිමක මිල 2022 නොවැම්බර් වන විට ඩොලර් 5.59 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගිය නත්තල් සමයේ විවිධ ආහාර සහ කේක් වර්ග සකස් කිරීමට අත්‍යවශ්‍ය වූ බැවින් ඒ වන විට එහි මිල ඩොලර් 7.49 දක්වා (රුපියල් 2,727) ඉහළ ගොස් තිබූ අතර, එය සෙසු ආහාරවලට වඩා මිල වැඩි වීමක් බව ද වාර්තා වේ.

බිත්තර මිල අධික වීමට පසුගිය මාස කිහිපයේදී එරට ව්‍යාප්ත වූ කුරුලු උණ ද හේතුවක් වූ බවත්, යුක්රේන යුද අර්බුදය මත සැපයුම් ජාලා බිඳ වැටීම සහ උද්ධමනය ද බලපෑ බව ටෙක්සාස් ප්‍රාන්තයේ කුකුළු ගොවි සම්මේලනය නිවේදනය කර ඇත.

වසරක් ඇතුළත අමෙරිකාවේ බිත්තර මිල 60% කින් ලෙස ඉහළ ගොස් ඇත්තේ 1973 වසරින් පසු පළමු වරට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුරුලු උණ බලපෑමෙන් පහත වැටුණු අමෙරිකාවේ බිත්තර ව්‍යාපාරය නැවත හිස එසැවීමට තවත් මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයි ද, ඒ අනුව මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital