අම්බලන්තොට බෝලාන රුහුණු රිදීයගම 3 කණුව ප්‍රදේශයේ නිවසක අඹු සැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අම්බලන්තොට පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නිවසට කඩා වැදී පොරවකින් සහ කැත්තකින් පහර දී අඹු සැමි යුවළ මරා දමා ඇති බවයි පොලිසිය පැවසුවේ.