පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් තුල අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
කහතුඩුව පොලිසිය පැවසුවේ ඔහු 58 හැවිරිදි ඉංජිනේරුවෙකු බවයි
යාබද නිවසේ පුද්ගලයා ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේල වලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනේලයක් විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට වැටී සිටින අයුරු දැක තිබූ බවයි වාර්තා වුණේ.
එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඉංජිනේරුවරයාගේ මරණය ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් අප වෙත ප්‍රකාශ කළා.