යාපනය, වසන්දුපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉලවාලෙයි පොලීසිය පැවසුවේ ඊයේ (09) දහවල් මෙම සිදුවීම සිදුවූ බවයි.
මෙම දැරිය පියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක මව සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, දැරියගේ මව නිවසේ සාලයේ කිසියම් කටයුත්තක් කරමින් සිටි අවස්ථාවේ දැරිය නිවස ඉදිරිපස ළිඳ ළඟට ගිය අවස්ථාවේ දී වැටී ඇත.
දැරියව අසල්වාසීන් එක්ව ළිඳෙන් ගොඩගෙන යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි වෛද්‍යවරුන් සඳහන් කොට ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.
දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.