දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
අනතුරින් තුවාළ ලැබූ මෝටර් රථයේ ගමන්කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය පවසන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පසුපස මෙම මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.