අධික ලෙස දුම් පිට වන මෝටර් රථ පිළිබද දැනුම් දෙන ලෙස මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එවැනි මෝටර් රථයක අංක තහඩුව ඡායාරූපයකට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්ස්ඇප් හෝ වයිබර් පණිවුඩයක් මගින් එම දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.
070 35 00 525 යන දුරකථන අංකයට එම දැනුම්දීම් සිදු කරන ලෙසයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.