Home දේශීය පුවත් අද සහ හෙට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

අද සහ හෙට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

by Free News
0 comment

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.350 ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පද්ධතිය හෙට දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇත.ඒ හේතුවෙන් ඉදිරි දින දෙක තුළදී (දෙසැම්බර් මස 25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරත් අපේක්ෂා කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, නැගෙනහිර, ඌව, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital