Home දේශීය පුවත් අඟුලානේදී තරුණයෙක් ව ඝාතනය කෙරේ

අඟුලානේදී තරුණයෙක් ව ඝාතනය කෙරේ

by Free News
0 comment

අඟුලාන පොලිස් වසමේ ශාන්ත සේවියර් පල්ලිය අසලදී පිරිසක් විසින් පහරදී තරුණයෙක් ව ඝාතනය කර තිබේ.

ඊයේ (19) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 27 හැවිරිදි අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා ඔහුගේ මාමා පදිංචිව සිටින රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් සිටියදී එසේ ඝාතනයට ලක්ව ඇත.

මරණකරුගේ මාමාද තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළව ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

පැරණි අමනාපයක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

ඝාතනය සිදුකළ සැකකරුවන් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital