Home දේශීය පුවත් අගලකඩ සිරිසුමන හිමි අනතුරකින් තුවාල ලබයි

අගලකඩ සිරිසුමන හිමි අනතුරකින් තුවාල ලබයි

by Free News
0 comment

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ඊයේ(1) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය පවසයි.

උන් වහන්සේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි තම විහාරස්ථානයේ සිට හොරණ කුඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක සවස 5.00 ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

කැස්බෑව, සුපිරි වෙළඳසැලක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර, උන් වහන්සේ ගමන් කළ රථය තවත් මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

උන්වහන්සේගේ තත්වය බරපතල නොමැති බව වාර්තා වේ.

පිළියන්දල සිට කැස්බෑව ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට සිදුවූ අත්වැරැද්දකින් අගලකඩ සිරිසුමන හිමියන් ගමන් කළ රියෙහි ගැටී ඇති අතර, මෙම රථ දෙකම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ වේ.

රථ දෙකටම බරපතල හානි සිදුව ඇත. කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital