ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා තිබෙනවා.