Home දේශීය පුවත් අක්කරයකින් වී බුසල් 215ක් ලබාගෙන වාර්තාවක් තබයි

අක්කරයකින් වී බුසල් 215ක් ලබාගෙන වාර්තාවක් තබයි

by Free News
0 comment

මෙතෙක් අප රටේ කුඹුරු අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් මෙවර මහ කන්නයේ දී සමත්ව තිබෙනවා.

මෙතෙක් වී අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට 2022/23 මහ කන්නයේ දී අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් සමත්ව ඇති බව බතලගොඩ වී පර්යේෂණායතනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තාවක් සපයමින් සඳහන් කර ඇත.

ඒ අනුව ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර තවත් එක් ගොවියෙක් අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර තිබේ.

මෙම ගොවීන් පිරිස රිදියගම පදිංචි කේ.පී. ඩී. ඊ. ජයසේකර , මාලා පරණවිතාන, හා ජී. අබේසිංහ යන ගොවි මහත්ම මහත්මීන් වන අතර (අක්කරයකට වීබුසල් 215) මයුරපුර පදිංචි ජානක නුවන් දිසානායක මහතා අක්කරයකට වී බුසල් 195ක් වාර්තා කර ඇත.

මෙම ගොවීන් සියලු දෙනාම වගා කර තිබෙන්නේ අම්බලන්තොට වී පර්යෙෂ්ණායතනය විසින් හඳුන්වා දී තිබෙන At 362 නැමැති වී ප්‍රභේදයයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් යොදා ඇති අතර ඊට අමතරව පිළිස්සුපිදුරු, හා දහයියා අළු හා බන්ඩි පොහොර යෙදීම ද සිදු කර තිබේ.

කෙසේ වුවද මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කයඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරමහතාට පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය මහ කන්නයේ වැඩිම වී අස්වනු ලද ගොවි ජනතාව තවත් සිටින්නේ ද යන්න සම්බන්ධව සවිස්තර වාර්තාවක්ලබා දෙන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයට උපදෙස් දුන්නේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital